පඤ්ච චේතසො විනිබන්ධා:

31. කාමේ අවිගතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ

32. කායේ අවිගතරාගෝ හෝති

33. රූපේ අවිගතරාගෝ හෝති

34. යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්‍යසුඛං ස්ස සුඛං මිද්ධ සුඛං අනුයුත්තෝ විහරති.

35. අඤ්ඤතරං දේවනිකායං පණිධාය බ්‍ර‍හ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතේන වා තපේන වා බ්‍ර‍හ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝවාති.

කාමයන් කෙරෙහි පහ නො වූ රාගය ඇත්තේ වෙයි, පහ නො වූ ඡන්දය ඇත්තේ වෙයි, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි, පහ නොවූ පිපාසාව ඇත්තේ වෙයි, පහ නො වූ දාහය ඇත්තේ වෙයි, පහ නොවූ තෘෂ්ණාව ඇත්තේ වෙයි.

ස්වීය කයෙහි පහ නො වූ රාගය ඇත්තේ වෙයි.

පිටත රූපයන්හි පහ නො වූ රාගය ඇත්තේ වෙයි.

ඇති තාක් කුස පිරෙන තුරු ආහාර වළඳා යහනින් ලැබෙන සුවය යහනෙහි පාර්ශ්වවලින් ලැබෙන සුවය නිදි සුවය විඳීමෙහි යෙදුණේ වෙයි.

මම මේ ශීලයෙන් හෝ ව්‍ර‍තයෙන් හෝ තපසින් හෝ බ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙන් හෝ මහේශාඛ්‍ය දෙවියෙක් හෝ වන්නෙමිය සාමාන්‍ය දෙවියෙක් හෝ වන්නෙමිය යි එක්තරා දේව නිකායක් පතා බ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙහි යෙදෙයි.

මේ චේතසෝ නිබන්ධ පස ය. මෙය ද පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙකි. ධර්ම වශයෙන් චේතෝඛිල පස ම තෘෂ්ණාව වූ එක ම ධර්මයෙකි. මේ ධර්මයෝ මිදී පලා යා නො හෙන පරිදි කුඩා සතකු මිටින් අල්ලා ගන්නාක් මෙන් තද කර ගන්නාක් මෙන් පැන යා නො හෙන පරිදි සත්ත්වයා ගේ සිත අල්ලා ගනිති. බැඳ ගනිති. ඒ බැවින් ඔවුහු චේතසෝ විනිබන්ධ නම් වෙති. විනිබන්ධයන් විසින් බැඳ ගන්නා ලද සිත සමථ විදර්ශනාවන්ට නො නැමේ. කාමයන් හි ඇලී සිටී. එබැවින් පුද්ගලයාට සසරින් එතර විය නො හැකි වේ.