පඤ්චසල්ලා:

21. රාගසල්ලං

22. දෝසසල්ලං

23. මෝහසල්ලං

24. මානසල්ලං

25. දිට්ඨිසල්ලං

හුල් ශරීරයට කා වැදෙන්නාක් මෙන් චිත්ත සන්තානයට කා වැදෙන ධර්මයෝ සල්ල නම් වෙති. රාගාදීහු ලෙහෙසියෙන් ඉවත් කළ නො හෙන පරිදි චිත්ත සන්තානයෙහි කා වැදී සිටින්නෝ ය. එබැවින් රාගාදි ධර්මයෝ පස් දෙන සල්ල නම් වෙති.