පඤ්ච ව්‍යසනා:

56. ඤාතිව්‍යසනං

57. භෝගව්‍යසනං

58. රෝගව්‍යසනං

59. සීලව්‍යසනං

60. දිට්ඨිව්‍යසනං

ව්‍යසන යනු විනාශය ය. වසංගත රෝගයකින් හෝ දුර්භික්ෂයකින් හෝ භූමිකම්පා ජලගැලීම් ආදි විපතකින් හෝ නෑයන් විනාශ වීම ඤාතිව්‍යසනය ය. රජුන් විසින් සොරුන් විසින් ගැනීමෙන් හෝ සතුරන් විසින් විනාශ කිරීමෙන් හෝ ගිනි දිය ආදියෙන් විනාශ වීමෙන් හෝ වස්තුව නැතිවී යාම භෝග ව්‍යසනය ය. සුව කිරීමට දුෂ්කර රෝග ඇතිවීම රෝගව්‍යසනය ය. සිල් බිඳී දුශ්ශීල වීම සීලව්‍යසනය ය. මිථ්‍යාදෘෂ්ටිය ගැනීම දිට්ඨිව්‍යසනය ය. ඤාතිව්‍යසන භෝගව්‍යසන රෝගව්‍යෂන යන තුනෙන් සත්ත්වයාට අපායට යන්නට සිදු නො වේ. සීලව්‍යසන දිට්ඨිව්‍යසන දෙකින් සත්ත්වයා අපායෙහි වැටීම සිදු වන්නේ ය.