චත්තාරෝ යෝගා:

13. කාමයෝගෝ

14. භවයෝගෝ

15. දිට්ඨි යෝගෝ

16. අවිජ්ජා යෝගෝ

සත්ත්වයා සංසාරයෙහි නැවත නැවත යොදවන සංසාරයෙන් මිදෙන්නට නො දෙන ධර්මයෝ යෝග නම් වෙති. ආසව නාමයෙන් කියන ලද්දා වූ ද, ඕඝ නාමයෙන් කියන ලද්දා වූ ද, කාම භවව දිට්ඨි අවිජ්ජා යන ධර්ම සතරට ම සත්ත්වයා සංසාරයෙහි යොදවන බැවින් යෝගයෝය යි කියනු ලැබේ.