චත්තාරෝ ඕඝා:

9. කාමෝසා

10. භවෝඝො

11. දිට්ඨෝඝෝ

12. අවිජ්ජෝඝෝ

වැටුණු සත්ත්වයන්හට ගොඩවිය නො හෙන පරිදි ගිල ගන්නා වූ මහා ජලස්කන්ධය ඕඝ නම් වේ. ඕඝ නම් වූ මේ ධර්මයෝ සතර දෙන ද ඒ ධර්මයන් ඇත්තා වූ පුද්ගලයා සංසාර නමැති මහෝඝයෙහි ගිල්වති. ගොඩ එන්නට නො දෙති. එබැවින් ඒ ධර්මයෝ ඕඝ නම් වෙති. කාමෝඝාදීහු ධර්ම වශයෙන් කාමාසවාදීහුමය. කාමාසවය ම කාමෝඝය ද වේ. භවාසවාදීහු භවෝඝාදීහු ද වෙති.