කසාව

star_outline

64. රාග කසාවෝ

65. දෝස කසාවෝ

66. මෝහ කසාවෝ

67. කාය කසාවෝ

68. වචී කසාවෝ

69. මනෝ කසාවෝ

පැණි බී ඉවත ලූ උක්සප බඳු ඕජාවක් රසයක් නැති දෙය කසාව නම් වේ. රාගාදියෙහි හා අකුශල කාය කර්මාදීන්හි කිසි රසයක් නැති බැවින් ඒවා කසාව නම් වේ. මේ විභංගඅටුවාවෙහි කසාව විස්තර කර ඇති ආකාරය ය.

කසාව යන්නෙහි අර්ථය අන් අයුරකින් ද දැක්විය හැකි ය. කසාව යන වචනය ඕජා රහිත දෙය යන අර්ථය සඳහා යෙදී ඇති අන් තැනක් නො දක්නා ලැබේ. කසාව යන වචනය පිටකත්‍ර‍ය පාළියෙහි නොයෙක් තැන යෙදී ඇත්තේ කසට යන අර්ථය සඳහා ය. සිවුරට කාසාව, කාසාය යන වචන කියන්නේ ද එය කසට පෙවූ වස්ත්‍ර‍යක් වන නිසා ය. කසටය වනාහි ලෙහෙසියෙන් ඉවත් කළ නො හෙන සේ වස්ත්‍රාදියෙහි බැඳී ඒවා කිලිටි කරන දෙයකි. රාග ද්වේෂ මෝහයෝ ද පහසුවෙන් ඉව් කළ නොහෙන ලෙස සත්ත්ව සන්තානයෙහි බැඳී සිටින්නෝ ය. බැඳී සිට සිත කෙලෙසන්නෝ ය. එ බැවින් රාගාදියට කසට ය යි කීම ඉතා සුදුසු ය. අකුශල කර්මයෝ ද එසේ ම ඉවත් කළ නො හෙන පරිදි සත්ත්වසන්තානයෙහි බැඳී සිට අනිෂ්ට විපාක ගෙන දෙන්නෝ ය. එබැවින් ඒවාට ද කසට ය යි කීම සුදුසු ය.