විසම

55. රාගෝ විසමං

56. දෝසෝ විසමං

57. මෝහෝ විසමං

ගල් මුල් වළවල් ඇති බිම විෂය ය. එහි යන්නෝ පැකිළ වැටෙති. එමෙන් රාග ද්වේෂ මෝහයන්හි පැකිළ සත්ත්වයෝ අනභිරතිායෙන් හෝ සික පද ඉක්මවීමෙන් හෝ ශාසනයෙන් වැටෙති. දෙව්ලොවින් මිනිස් ලොවට වැටෙති. අපායට වැටෙති. එබැවින් රාගය විෂමයෙකි. ද්වේෂය විෂමයෙකි. මෝහය විෂමයෙකි.

58. කාය විසමං

59. වචී විසමං

60. මනෝ විසමං.

විෂම භූමියෙහි සත්ත්වයන් පැකිළ වැටෙන්නාක් මෙන් අකුශල කර්මයන්හි පැකිළ සත්ත්වයෝ මිනිස් ලොවින් ද දෙව් ලොවින් ද වැටෙති. නරකයට ද වැටෙති. තිරිසන් බවට ද වැටෙති ප්‍රේතත්ත්වයට ද වැටෙති. එබැවින් අකුශල කාය කර්මය කාය විෂම නමි. අකුශල වාක් කර්මය වාක් විෂම නමි. අකුශල මනඃකර්මය මනෝ විෂම නමි.