කෙලෙස් එක්දහස් පන්සියය

මල

52. රාගෝ මලං

53. දෝසෝ මලං

54. මෝහෝ මලං

වස්ත්‍රාදියෙහි ඇලී ඒවායේ සුන්දරත්වය ශෝභනත්වය නැති කරන දැලි ආදීහු මලයෝ ය. රාග ද්වේෂ මෝහ යන මේ ධර්ම තුන ද සිතෙහි ඇලී එහි සුන්දරත්වය නසන්නෝ ය. එබැවින් රාගය මලයෙකි. ද්වේෂය මලයෙකි. මෝහය මලයෙකි.