35. අජ්ඣත්ත සංයෝජනං 36. බහිද්ධා සංයෝජනං

පලා යා නොහෙන ලෙස ගවයන් ගස්වල බඳින්නාක් මෙන් සත්ත්වයන් භවයෙහි බඳින ධර්මයෝ ඇත්තා හ. ඒවා සංයෝජන නම් වේ. කාමභවය අජ්ඣත්ත නම් වේ. රූපාරූපභව දෙක බහිද්ධ නම් වේ. සත්ත්වයන් කාම භවයෙහි බඳින ධර්ම අජ්ඣත්ත සංයෝජන නම් වේ. රූපාරූප භවයෙහි බඳින ධර්ම බහිද්ධා සංයෝජන නම් වේ. මතු පඤ්චක නිර්දේශයේ ඒවා විස්තර වන්නේ ය.

ද්වික නිර්දේශය නිමි.