8. ගරුකාරමදෝ

“අන්‍යයන්ට කිසිවකු විසින් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්නේ නැත. මා හට වනාහි දුටු දුටු සැම දෙන ම ගරු කරති. සලකති” යි මහජනයාගෙන් ගෞරව ලබන ඇතැම් ගිහියන්ට ඇතිවන අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට ගන්නා වූ අධික මානය ගරුකාරමද නම් වේ. එයින් මත් වූයේ නිතර ම සැම තැනකදී ම අන්‍යයන්ගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වේ. නොලැබෙන තැනදී දොම්නසට පත් වේ. ගරු නො කරන්නවුන්ට විරුද්ධ වේ. එයින් ඔහු ජනයාට අප්‍රිය බොහෝ දෙනා හෙළා දකින පුද්ගලයෙක් වේ. මෙබඳු පුද්ගලයන්ට කෛරාටිකයෝ බොරුවට ගෞරව දක්වා ප්‍රයෝජන ලබති.