සිතෙහි අලස බව චේතසෝ ලීනත්තං නම් වේ. එයත් ථීනමිද්ධය ම ය. එය ඇති කල්හි සිත හැකිලෙයි. ක්‍රියාවන්හි යෙදීමට නො සමත් වෙයි. ක්‍රියාවෙහි යෙදෙන්නේ ද ඉතා සෙමින් නවත්ව නවත්වමින් ක්‍රියා කරයි. නිදිමත වැඩිවෙයි. තන්දි විජම්භිතා හත්තසම්මද චේතසෝලීනත්ත යන මේ ක්ලේශයෝ වීර්‍ය්‍යයට විරුද්ධ වූවෝ ය. ශිෂ්‍යයන්ට උගෙනීමට ද, රැකියා කරන්නවුන්ට දියුණුවට ද, යෝගීන්ට යෝගයට ද බාධකයෝ ය.