දස මිච්ඡත්තා:

41. මිච්ඡාදිට්ඨි

42. මිච්ඡාසංකප්පෝ

43. මිච්ඡාවාචා

44. මිච්ඡාකම්මන්තෝ

45. මිච්ඡාආජීවෝ

46. මිච්ඡාවායාමෝ

47. මිච්ඡාසති

48. මිච්ඡාසමාධි

49. මිච්ඡාඤාණං

50. මිච්ඡා විමුත්ති

මිච්ඡත්තයන් ගෙන් මුල් අට අෂ්ටක නිර්දේශයේ විස්තර කරන ලදි. මිච්ඡාඤාණ යනු පාප ක්‍රියාවන්හි උපාය චින්තනය කරන්නා වූ ද, පව්කම් කොට මා විසින් යහපතක් කරන ලදැයි මෙනෙහි කරන අවස්ථාවන්හි ඇති වන්නා වූ ද මෝහය ය. ක්ලේශයන්ගෙන් හා සංසාර දුක්ඛයෙන් මිදෙන්නේ ලෝකෝත්තර මාර්ගවලිනි. කෙලෙසුන් කෙරෙන් හා සංසාර දුඃඛයෙන් නො මිදීම මම මිදුණෙමියි ඇති වන වැරදි හැඟී මිච්ඡා විමුක්තිය ය.