දස ආඝාත වත්ථුනි

11. අනත්ථං මේ අචරීති ආඝාතෝ ජායති

12. අනත්ථං මේ චරතීති ආඝාතෝ ජායති

13. අනත්ථං මේ චරිස්සතීති ආඝාතෝ ජායති

14. පියස්ස මේ මනාපස්ස අනත්ථං අචරීති ආඝාතෝ ජායති

15. පියස්ස මේ මනාපස්ස අනත්ථං චරතීති ආඝාතෝ ජායති

16. පියස්ස මේ මනාපස්ස අනත්ථං චරිස්සතීති ආඝාතෝ ජායති

17. අප්පියස්ස මේ අමනාපස්ස අත්ථං අචරි

18. අත්ථං චරති

19. අත්ථං චරිස්සතීති ආඝාතෝ ජායතී

20. අට්ටානේ වා පන ආඝාතෝ ජායති.

මේ දශාඝාත වස්තූන්ගෙන් මුල් නවය නවක නිර්දේශයේ දැක්විණ. දසවැන්න අස්ථාන කෝපය ය. ද්වේෂ මෝහාධික ඇතැම්හු වැස්සට ද කිපෙති. අව්වට ද කිපෙති. පය සැපුණු විට ගල් මුල්වලට කිපෙති. බඩු නරක් වූ කල්හි බඩුවලට කිපෙති. ඒ අස්ථාන කෝපය ය. ඇතැම් දරුවෝ අවවාදානුශාසනා කිරීම නිසා මාපියන්ට කිපෙති. ශිෂ්‍යයෝ ආචාර්යෝපාධ්‍යායයන්ට කිපෙති. ඇතැම්හු ධර්ම දේශකයන්ට කිපෙති. තමාට අනුකූල නො වන්නවුන්ට, ඉල්ලීම් ඉටු නො කරන කියන දෙය නො කරන අයට කිපෙති. නො මනා වැඩක් කරන විට කරුණාවෙන් එහි වරද දක්වන ගුණවතුන්ට කිපෙති. වරද කළහ යි සිතා වරද නො කළවුනට කිපෙති. ඒ අස්ථාන කෝපය ය. අස්ථාන කෝපය ද ඉතා නපුරු ය. ඇතැමුන් අස්ථාන කෝපයෙන් මහාපරාධයන් කර ඇත්තේ ය.