නව ඉඤ්ජිතානි:

37. අස්මීති ඉඤ්ජිතමේතං

38. අහමස්මීති ඉඤ්ජිතමේතං

39. අයමස්මීති ඉඤ්ජිතමේතං

40. භවස්සන්ති ඉඤ්ජිතමේතං

41. රූපී භවිස්සන්ති ඉඤ්ජිතමේතං

42. අරූපි භවිස්සන්ති ඉඤ්ජිතමේතං

43. සඤ්ඤි භවිස්සන්ති ඉඤ්ජිතමේතං

44. අසඤ්ඤි භවිස්සන්ති ඉඤ්ජිතමේතං

45. නේවසඤ්ඤිනාසඤ්ඤි භවිස්සන්ති ඉඤ්ජිතමේතං

ඉඤ්ජිත යනු සැලෙන දඟලන ස්වභාවයට නමෙකි. මානය සැලෙන දඟලන ස්වභාවයකි. එබැවින් එයට ඉඤ්ජිතය යි කියනු ලැබේ. සැලෙන ආකාරයන්ගේ වශයෙන් ඉඤ්ජිත යන නාමයෙන් මාන නවයක් දැක්වේ. පුද්ගලයකු නො ගෙන ඉඳිමි ඉඳිමියි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. මම ඉඳිමි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. මේ මම ය යි සැලකීම ඉඤ්ජිතයෙකි. පුද්ගලයකු නො ගෙන වන්නෙමි යි ඉඳින්නෙමි යි අනාගත තත්ත්වයෙන් සැලකීම එක් ඉඤ්ජිතයෙකි. රූපය ඇතියෙක් වන්නෙමි යි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. රූපය නැතියෙක් වන්නෙමියි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. සංඥා ඇතියෙක් වන්නෙමි යි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. සංඥා නැතියෙක් වන්නෙමි යි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. සංඥා ඇත්තේ ද නැත්තේ ද වන්නෙමියි සැලකීම එක් ඉඤ්ජිතයෙකි. මේ ඉඤ්ජිත නවය ය. මේවා අප්‍ර‍කට ක්ලේශයෝ ය.