10. කෝධෝ
11. මක්ඛෝ
12. ඉස්සා
13. මච්ඡරියං
14. මායා
15. සාඨෙය්‍යං
16. මුසාවාදො
17. පාපිච්ඡතා
18. මිච්ඡාදිට්ඨි
පුරුෂමලයෝය යනු පුද්ගලයන් කිලිටි කරන ධර්මයෝ ය. ක්‍රෝධාදි මේ ධර්ම නවය ඇත්තෝ ඒවායින් කිලිටි වෙති. කිලිටි වීම ය යි කියනුයේ ජනයාට අප්‍රිය බවට පත්වීම ය කුණු තැවරුණු වස්ත්‍රය, භාජනය, කසළ ඇති ගෙය, කසළ සහිත මිදුල ජනයාට අප්‍රිය වන්නාක් මෙන් ක්‍රෝධාදි ධර්ම නවයෙන් කවරක් හෝ ඇති පුද්ගලයා බොහෝ ජනයාට අප්‍රියයෙක් වේ. ක්‍රෝධාදි මල ධර්ම නවය යට ඒ ඒ තැන්වල විස්තර කර ඇත්තේ ය. දශ අකුශල කර්මයන්ගෙන් මුසාවාදය පමණක් මේ කොට්ඨාසයට ගෙන ඇත්තේ එය විශේෂයෙන් පුද්ගයාගේ චරිතයට කිලිටි කරන පාපයක් බැවින් බුද්ධාදි උත්තමයන් විසින් වඩාත් පිළිකුල් කරන පාපයක් බැවිනි. අප මහ බෝසතාණන් වහන්සේ පෙර කපිල නම් සෘෂිවරයෙක් ව විසූ සමයෙහි චේතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප්‍රකාශ කළ ගාථා පෙළක් මෙසේ ය.
1. අලිකං භාසමානස්ස අපක්කමන්ති දේවතා,
පූතිකඤ්ච මුඛං වාති සකඨානා ච ධංසති.
.
2. අකාලේ වස්සති තස්ස කාලේ තස්ස න වස්සති,
යෝ ජානං පුච්ඡිතෝ පඤ්හං, අඤ්ඤථා නං වියාකරේ
.
3. ජිව්හා තස්ස ද්විධා හෝති උරගස්සේව දිසම්පති,
යෝ ජානං පුච්ඡිතෝ පඤ්හං අඤ්ඤථා නං වියාකරේ.
.
4. ජිව්හා තස්ස න භවති මච්ඡස්සේව දිසම්පති,
යෝ ජනාං පුච්ඡිතෝ පඤ්හං අඤ්ඤථා නං වියාකරේ
.
5. ථීයෝච තස්ස ජායන්ති න පුමා ජායරේ කුලේ
යෝ ජානං පුච්ඡිතෝ පඤ්හං අඤ්ඤථා නං වියාකරේ
.
6. පුත්තා තස්ස න භවන්ති පක්කමන්ති දිසෝ දිසං
යෝ ජානං පුච්ඡිතෝ පඤ්හං අඤ්ඤථා නං වියාකරේ
තේරුම:
1. මහරජ, ආරක්‍ෂක දේවතාවෝ බොරු කියන්නහු හැර යති. ඔහුගේ මුවින් කුණුවී ගඳ විහිදේ. ස්වීය ස්ථානයෙන් ද හේ පිරිහෙයි.
2. මහරජ, ප්‍රශ්න විචාරන ලදුයේ යමෙක් දැන ම අන් ආකාරයකින් ප්‍රකාශ කෙරේ ද ඒ රජුගේ රටට අකාලයෙහි වස්නේ ය. සුදුසු කලට නො වස්නේ ය.
3. මහරජ, යමෙක් ප්‍රශ්නයක් අසල ලදුයේ දැන ම අන් අයුරකින් විසඳා ද ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේ ය.
4. මහරජ, යමෙක් ප්‍රශ්නයක් අසන ලදුයේ දැන අන් අයුරකින් විසඳා ද ඔහුට මසකුට මෙන් දිවක් නො වන්නේ ය.
5. මහරජ, යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දැනම අන් අයුරකින් විසඳා ද ඔහුගේ පවුලෙහි ස්ත්‍රීහු උපදනාහ. පුරුෂයෝ නූපදනාහ.
6. මහරජ, යමෙක් ප්‍රශ්නයක් අසන ලදුයේ දැන, අන් අයුරකින් විසඳා ද, ඔහුට පුත්‍රයෝ නොවන්නාහ. උපන්නාහු ද ඔවුහු මාපියන් හැර ඒ ඒ තැන යන්නාහ. ඔහුට දරුවන්ගෙන් ප්‍රයෝජනයක් නො වන්නේ ය.