33. මිච්ඡාදිට්ඨි
34. මිච්ඡාසංකප්පෝ
35. මිච්ඡාවාචා
36. මිච්ඡාකම්මන්තෝ
37. මිච්ඡා ආජීවෝ
38. මිච්ඡාවායාමෝ
39. මිච්ඡාසති
40. මිච්ඡාසමාධි.
මිච්ඡත්තා යනු වැරදි ස්වභාවයෝ ය.
මිච්ඡාදිට්ඨි යනු පින්පව්වල විපාකයන් නැත, පරලොවක් නැත යනාදි වැරදි පිළිගැනීම ය. මිච්ඡා සංකප්ප යනු කාමවිතර්ක ව්‍යාපාදවිතර්ක විහිංසා විතර්ක යන මිථ්‍යා විතර්කයෝ ය. මිච්ඡාවාචා යනු මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන වාක් දුශ්චරිත සතර ය. මිච්ඡාකම්මන්ත යනු ප්‍රාණඝාතාදි කාය දුශ්චරිත තුන ය. මිච්ඡාජීව යනු වැරදි ලෙස ජීවත් වීම ය. ජීවත් වීම සඳහා ප්‍රාණඝාතාදි පාප කර්මයන් කිරීම හා මත්පැන් ආදිය වෙළඳාම් කිරීම ගිහියාගේ මිථ්‍යාජීවය ය. කුලදූෂණ, අනේසනවලින් ජීවත් වීම පැවිද්දන්ගේ මිථ්‍යාජීවය ය. අකුශල කරණයෙහි නො පසුබස්නා බව වූ අකුශල චිත්ත සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යය මිච්ඡාවායාම ය. මිච්ඡා සතිය කියා විශේෂ චෛතසිකයක් නැත. අකුශලකරණය ම මිච්ඡාසතිය ය. අකුශල චිත්තසම්ප්‍රයුක්ත වූ ඒකාග්‍රතාව මිච්ඡා සමාධිය ය. එය සියලු අකුශල චිත්තයන්හි ඇත්තේ ය.