පූජනීය වස්තු තුන් වර්ගය

පූජනීය වස්තු තුන් වර්ගයෙකි. ඒවාට චෛත්‍යය යි ද කියනු ලැබේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් චෛත්‍ය කොතෙක්දැ යි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළ කල්හි “ආනන්දය, චෛත්‍ය තුනකැ”යි වදාළහ. “ඒ කවරහුදැ”යි විචාළ කල්මි “ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේසිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්‍ය කළ හැකි දැ”වි විචාළ කල්හි “ආනන්දය, ශාරීරික චෛත්‍ය නොකළ හැකි ය. එය ලැබෙන්නේ බුදුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුන් වහන්සේ විසින් පරිභෝග කළ බෝධිය වනාහි උන්වහන්සේ ජීවමාන කල්හි ද පිරිනිවීමෙන් පසු ද චෛත්‍ය වන්නේ ය. උද්දේශික චෛත්‍යයට වස්තුවක් නැත. එය ආදර ගෞරව පැවැත්වීම් මාත්‍රයෙන් වන්නේ ය” යි වදාළ සේක.

අනු මාතෘකා