අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විකාර රූප

විශේෂ වූ කාරය හෙවත් ආකාරය දක්වන රූපයෝ විකාර රූප නම් වෙත්. විකාර රූප තුනෙකි.

එනම්:-

  1. ලහුතා රූපය
  2. මුදුතා රූපය
  3. කම්මඤ්ඤතා රූපය

කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන රූපද්වය ද මෙයට ඇතුළත් කළ කල්හි විකාර රූප පසෙකි. එහි විස්තර යට දක්වන ලදී.