අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මුදුතා රූපය

යම් රූපයක්හුගේ හෙවත් රූපයක් පිළිබඳව මොළොක් බවක් මෘදු බවක්, නො තද බවක්, නො රළු බවක් හෝ ලිහිල් බවක් වේද එය රූපයාගේ මුදුතා බව හෙවත් මුදුතා රූපය නම් වේ.

අසප්පාය ඍතු චිත්ත, ආහාරාදියෙන් හෝ නොමනා හැසිරීම් ආදියෙන් හෝ ශරීරයෙහි හටගන්නා ධාතූන්ගේ වෙනස්වීම නිසා ශරීරය තද බවට හෙවත් රළු බවට පත් වන්නේය. එවිට සප්පාය ඍතු, ආහාර, ඖෂධාදිය සේවනය කිරීමෙන් එම තද බව දුරුවී, මදින ලද හෙවත් පදම් කළ සමක් මෙන් මෘදු බවට පත් වේ. ආපො ධාතුව හීන වූ ද, පඨවි ධාතුව අධික වූද රූපකලාපයන්ගේ පහළ වීමෙන් හටගන්නාවූ මේ තද බව සුදුසු පිළියම් කිරීම කරණ කොට ගෙණ පහළ වන්නාවූ මුදුතා රූප අධික රූපකලාපයන් නිසා දුරුවී ශරීරයෙහි මොළොක් බවක් ඇති කරවන්නේය.