අකුසල මනො කර්මය
අභිද්ධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන අකුසල කර්ම තුන මනොද්වාරයෙහිම පවත්නා බැවින් එයට මනො කර්ම යයි කියනු ලැබේ. මේ කර්ම තුන බොහෝ සෙයින් මනොද්වාරයෙහිම හටගන්නේවී නමුත් කාය වාග් ද්වාරයන්හි ද හට ගැණීමට අවකාශ තිබේ. එසේ කාය වාග් ද්වාරයන්හි හටගත් කල්හි ඒ කර්ම දුර්වල වේ. මනොද්වාරයෙහිම හටගත් ලොභ ද්වේෂයෝ බලවත් වෙති.