ව්‍යාපාද අකුසල කර්මය
අනුන් නැසෙත්වායි පැතීම නොහොත් අනුන්ගේ විනාශය කැමැති වන බව ව්‍යාපාදය නම් වේ. තමා නො කැමැතිවූ කුඩා වූ හෝ මහත් වූ හෝ කවර නම් සත්ත්වයෙකු අනිෂ්ටාරම්මණයක් මෙන් වැටහී දොම්නස් උපදවා ඒ සත්ත්වයා නැසේවායි සිතන්නාවූ කල්හි උපදනා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාව ව්‍යාපාද අකුසල කර්මපථයක් වන්නේය. එහිදී යම් කෝපවීම් මාත්‍රයක් ඇතිවීනම් එය ප්රවෘත්ති විපාක පමණක් දෙන්නාවූ ව්‍යාපාද අකුසල කර්මයක් වේ. මේ අකුසල කර්මයට ද අඞ්ග දෙකක් සම්පූර්ණ විය යුතුයි. එනම්:-
- සත්ත්වයෙකු වන බව.
- ඔහුගේ විනාශය පැතීම.
මේ කර්මය දෝෂ මූල දොමනස්ස සහගත පටිඝසම්ප්රයුක්ත අකුසල් සිතකින්ම සිදුවේ. එහි විපාක වශයෙන් මරණින් මතු සතර අපා දුකට පමුණුවන්නේය.