අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අභිද්ධ්‍යා අකුසල කර්මය

අභිද්ධ්‍යා යනු දැඩි ලෝභයට නමෙකි. අන්සතු වස්තුව කෙරෙහි ලොභ උපදවා තමා සතු කරගැණීමට සිතීමේදී ඇතිවන ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාව අභිද්ධ්‍යා අකුසල කර්මපථ යක්වන්නේය. එහි අඞ්ග දෙකෙකි. එනම්:-

  1. අන්සතු වස්තුවක් වීමය
  2. එය තමාහට වේවායි සිතිමය.

අන්සතු වස්තුව කෙරෙහි ඇතිවන ආශ්වාදය අභිද්ධ්‍යා අකුසල කර්මය වේ. එය තමාහට ලබා ගැණීම සඳහා දක්වන බලවත් ආශාව අභිද්ධ්‍යා අකුසල කර්මපථ නම් වේ. මෙය ලොභමූල සිතකින්ම සිදුවන කර්මයකි.

අභිද්ධ්‍යා අකුසල කර්මය හේතුකොට ගෙණ මෙලොව දී නොයෙක් සිත් තැවිලි ආදී දුකට පත්වී මරණින් මතු ප්‍රේතාත්මාදීන්හි ඉපිද නොයෙක් දුක් විඳීමටද සිදුවන්නේය.