අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල කාය කර්ම

ප්‍රධාන වශයෙන් අකුසල කාය කර්මයෝ ත්‍රිවිධාකාර වෙත්. එනම්:-

  1. පාණාතිපාත අකුසල කර්මය
  2. අදින්නාදාන අකුසල කර්මය
  3. කාම මිත්ථ්‍යාචාර අකුසල කර්මය

මේ කාය කර්මයන්ගේ නිකුත් වීමට දොරටුවක් වැනි හෙයින් කාය ද්වාරයයිද, කාය විඥප්තියයි ද කියනු ලැබේ. මේ කර්ම බොහෝ සෙයින් කායද්වාරයෙන් සිදු වන්නේ වී නමුත් ස්වල්ප වශයෙන් වාග්ද්වාරයෙහිද සිදුවිය හැකිය.