අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ගරුක කර්මය

බරවූ කර්මය හෙවත් අන් කර්මයකින් තමන්ගේ විපාක ශක්තිය වැළැක්විය නොහැකි කර්මය ගරුක කර්මය හෙවත් ගරු කර්මය නම් වන්නේය.

අකුසල ගරු කර්මය, කුසල ගරු කර්මය යයි ගරු කර්ම දෙවැදෑරුම් වේ.

නියත මිථ්‍යාදෘෂ්ටියත්, පඤ්චානන්තරිය කර්මත් අකුසල ගරු කර්ම නම් වෙත්

රූපාවචර, අරූපාවචර කුසල කර්මයෝ කුසල ගරු කර්ම නම් වෙත්.