කුසල ගරු කර්ම
ඒකාන්තයෙන්ම දෙවන අත්බැව්හි ප්රතිසන්ධි විපාක ගෙන දෙන්නාවූ කුසල ගරු කර්මයෝ නම් රූපාවචර, අරූපාවචර ධ්‍යානයෝයි. ලොකොත්තර කුසල් ප්රතිසන්ධි විපාක නොදෙන හෙයින් මේ ගරු කර්ම වලට ඇතුළත් නොවෙති. ප්‍රථමධ්‍යාන ලාභි පුද්ගල තෙමේ ධ්‍යානයෙන් නොපිරිහී කළුරිය කෙළේවීනම් ඒකාන්තයෙන්ම දෙවන ආත්මයෙහි ප්‍රථමධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලොකයෙහි උපදින්නේය. අනිකුත් ධ්‍යානයන්ගේ ප්රතිසන්ධි විපාක දීමත් මෙසේමය.
ප්‍රථමධ්‍යානය පටන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය දක්වා ධ්‍යාන සියල්ලම උපදවාගත් පුද්ගල තෙමේ මතු අසවල් තැන උපදිම් වායි භූමි නියමයක් නොකොට කළුරිය කෙළේවීනම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහිම උපදින්නේය. හෙතෙම මරණාසන්න කාලයේදී යම් භූමියක උපදිම්වායි ප්‍රාර්ථනා කොට කළුරිය කෙළේවීනම්, පැතූ භූමියෙහිම උපදින්නේය. යම් හෙයකින් බඹලොව නිකාන්තිය අත්හැර දෙව්ලොව හෝ මිනිස් ලොව හෝ උපදිම්වායි පැතුයේවීනම්, එම ධ්‍යාන චිත්ත වීථින්හි පරිකර්මාදී කාමාවචර කුසල කර්ම බලයෙන් සප්ත කාම භූමියෙහි මහෙශාක්‍ය දිව්යරාජයෙක් හෝ ශ්‍රේෂ්ඨ මිනිසෙක් හෝ වන්නේය.