අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත

විඤ්ඤාණඤ්චායතන ධ්‍යානලාභි යොගාවචර තෙමේ, ඒ ධ්‍යානයද පළමු පරිදි පඤ්ච වසිතාවෙන් පුරුදු කොට, නැවත නැවතත් ඒ ධ්‍යානයට සමවදින කල්හි, ඒ ධ්‍යානයාගේ අරමුණ, ඖදාරික යයි අත්හරින ලද්දා වූ ආකාශානඤ්චායතන කුසල චිත්තය ම බව දැන, එයට වඩා ප්‍රණීත වූ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය උපදවා ගනු කැමැතිව, ආකාශානඤ්චායතන ධ්‍යානයාගේ කිසිවක් නැත යන අභාව ප්‍රඥාප්තිය අරමුණ කොට ගෙන “කිසිවක් නැත, කිසිවක් නැත” යනාදි වශයෙන් භාවනා වඩන කල්හි, ධ්‍යාන චිත්ත වීථිය පහළවීමෙන් පරිකර්මාදි කුසල් සිත්වලට අනතුරුව උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාඞ්ගයන්ගෙන් යුත් ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත එක් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු නැවත භවාඞ්ග වේ.