විඤ්ඤාණඤ්චායතන කුසල් සිත
ආකාශානඤ්චායතන ධ්‍යානලාභි යොගාවචර තෙම, ඒ ධ්‍යානය පළමු කී පරිදි පස් ආකාරයෙන් පුරුදු කොට, එම ධ්‍යාන සිතෙහි යෙදුන උපෙක්ඛා එකග්ගතාවන් නැවත නැවතත් ප්රත්යවෙක්ෂා කොට බලන කල්හි, ඒ ආකාශානඤ්චායතන කුසල් සිත රූපාවචර පඤ්චමධ්‍යාන සිතට ආසන්න බැවිනුත්, කසිණාලොක නමැති රූපය පතුරුවන ලද ආකාශයෙහි මේ ධ්‍යානය ලැබූ හෙයින්, එය දැන් ප්‍රණීත නොවේ යයි ද සිතා, එම ධ්‍යානයෙහි කැමැත්ත අත්හැර විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය උපදවනු කැමැතිව භාවනා වඩන්නේය. මෙසේ භාවනා වඩන්නා වූ හෙතෙමේ පළමු උපදවා ගත් ආකාශානඤ්චායතන කුසල් සිතම අරමුණු කොට ගෙණ “විඤ්ඤාණය අනන්තය, විඤ්ඤාණය අනන්තය” යනාදී වශයෙන් වඩනා කල්හි අනන්ත වූ විඤ්ඤාණ සිත ප්රකටව වැටහී ධ්‍යාන චිත්ත වීථියක් පහළවීමෙන් පරිකර්මාදී කුසල් සිත්වලට අනතුරුව උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙකින් යුත් විඤ්ඤාණඤ්චායතන කුසල් සිත එක් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු නැවත භවාඞ්ග වේ.