රූපාවචර පස්වැනි ධ්‍යාන කුසල් සිත
දැන් ධ්‍යාන සිත් සතර පස් ආකාරයෙන් පුරුදු කොට, සිත බොහෝ සෙයින් තැන්පත් වී ඇති හෙයින් එයටත් වඩා සියුම් වූ, ප්‍රණීත වූ පස්වැනි ධ්‍යාන සිත උපදවා ගැනීම පිණිස වීර්‍ය්‍ය ආරම්භ කරන්නේය. මෙසේ සිත එකඟ වූ කල්හි හෙතෙම සැපය ද දුරු කිරීමෙන්, දුක ද දුරුකිරීමෙන්, පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක් නැත්තා වූ සැප නැත්තා වූ, උපෙක්ඛා එකග්ගතා යන අඞ්ග දෙකින් යුත් පස්වැනි රූපාවචර ධ්‍යාන කුසල් සිත උපදවා ගන්නේය.