රූපාවචර තුන්වැනි ධ්‍යාන කුසල් සිත
පළමු ධ්‍යානයත් දෙවෙනි ධ්‍යානයත් පස් ආකාරයෙන් නැවත නැවතත් පුරුදු කොට, එයට වඩා ප්‍රණීත වූ තුන්වැනි ධ්‍යාන සිත උපදවා ගැනීමට කැමැත්ත පහළ වන්නේය. ඔහු විඳ එහි ඵලය ගැන යම් සැකයක් ඇති වී නම් එය ද දුරු වූ හෙයින් විතක්ක, විචාර දෙකම දැන් අනවශ්‍ය, ඖදාරික අඞ්ගයන් බව දැක, එය ද දුරුකොට, ඉතිරි ධ්‍යානාංග තුන, ඉතා සියුම් වශයෙන් පුරුදු කරණ කල්හි, සමාධියෙන් හටගත් ප්‍රීතියත්, සැපයත් ඇති පීති සුඛ එකග්ගතා යන ධ්‍යානාඞ්ග තුනෙන් යුත් තුන්වැනි ධ්‍යාන කුසල් සිත උපදවා ගන්නේය.