රූපාවචර දෙවෙනි ධ්‍යාන කුසල් සිත
පළමුවැනි ධ්‍යාන සිත මෙසේ පස් ආකාරයකින් පුරුදු කළ තැනැත්තාට ථීනමිද්ධය ස්වල්පයක්වත් හටනොගන්නේය. එය නැසීමට උපදවා ගත් විතර්කය දැන් අනවශ්‍යය. දැන් පළමුවැනි ධ්‍යානයට වඩා සියුම් වූ ප්‍රණීත වූ දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කැමැත්ත ඇති වන්නේය. මෙහි ඖදාරික වූ විතර්කය ද දුරු කොට විචාර, පීති, සුඛ එකාග්ගතා යන ධ්‍යානාඞ්ග සතරෙන් යුත් දෙවෙනි ධ්‍යාන සිත උපදවා ගන්නේ ය. මේ දෙවෙනි ධ්‍යානයද ඉහත කී ලෙස පස්ආකාරයකින් පුරුදු කරමින් ප්‍රීතියත්, සුඛයත් විඳිමින් වාසය කරන්නේය.