රූපාවචර පළමුවෙනි ධ්‍යාන කුසල්සිත
ඉහතකී විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග පසෙන් ම යුක්තය. මේ සිත පළමු වරට ලබා ගත් යෝගාවචර තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්ව විවේක යෙන් හටගත් ප්‍රීතියත්, සුඛයත් නැවත නැවත විඳිනු කැමැතිව, නැවත නැවතත් මේධ්යාන සිත් උපදවමින්, එහි ඇතුළත් ධ්‍යානාඞ්ග යන් ආවර්ජනය කරමින් ආවජ්ජන වසීයෙන් පුරුදු කරන්නේය. එමෙන් ම එම ධ්‍යානය වහ වහා උපදවමින් ධ්‍යාන සමාපත්තියට සමවදිමින් සමාපජ්ජන වසීයෙන් ද පුරුදු වන්නේය. තවද කාල නියමයක් අධිෂ්ඨාන කොට, ඒ කාල පරිච්ඡේදය තුළ ධ්‍යාන සිත් නො බිඳී පවත්නා ලෙස අධිෂ්ඨාන වසීයෙන් ද පුරුදු වන්නේය. එපමණක් නොව ධ්‍යානයට සමවදිමින් සිට, කැමැති විටෙක ධ්‍යානයෙන් නැගිටීමට හැකිවනසේ උට්ඨාන වසීයෙන් ද පුරුදු වන්නේය. මෙසේ මනා කොට පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තේ, ධ්‍යානාඞ්ගයන් නැවත නැවතත් ප්රත්යවෙක්ෂා කරමින් ප්රත්යවෙක්ෂා වසීයෙන් ද පුරුදු වන්නේ ය.