රූපාවචර විපාක සිත් පහ
- විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත පඨමජ්ඣාන විපාක සිත.
- විචාර පීති සුඛ එකග්ගතා සහිත දුතියජ්ඣාන විපාක සිත.
- පීති සුඛ එකග්ගතා සහිත තතියජ්ඣාන විපාක සිත.
- සුඛ එකග්ගතා සහිත චතුත්ථජ්ඣාන විපාක සිත.
- උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන විපාක සිත.
මේ රූපාවචර විපාක සිත් පහ රූපාවචර කුසල් සිත් පහට සමානය. රූපාවචර ධ්‍යාන කුසල් සිත් උපදවා, ඒ ධ්‍යානයෙන් නො පිරිහී චුතවීමක් ඇතිවේ නම්, ඒ ධ්‍යානයට සුදුසු වූ රූපාවචර බ්‍රහ්මලෝකයක ඔහුගේ පහළ වීමත් සමඟම, මේ රූපාවචර විපාක සිත්වලින් එකක් පටිසන්ධි සිත වශයෙන් උපදින්නේ ය. එයට පසු එම භවයේ භවාඞ්ග සිතත්, චූති සිතත්, මේ විපාක සිතක් ම වේ. මෙසේ එක් එක් ධ්‍යාන සිතකට එක් එක් විපාක සිත බැගින් ඇති බව දත යුතුයි. වේදනා ආදී භේදයන් කුසල් සිත්වලට කී පරිදි දත යුතුය.