ත්‍රිපිටකය
(14) 4. යොධාජීවවග්ගො (14) 4. යොධාජීව වර්‍ගය
1. යොධාජීවසුත්තං 1. යොධාජීව සූත්‍රය
2. පරිසාසුත්තං 2. උක්කාචිත විනීත සූත්‍රය
3. මිත්තසුත්තං 3. දුද්දදමිත්ත සූත්‍රය
4. උප්පාදාසුත්තං 4. ධම්මනියාමතා සූත්‍රය
137
‘‘උප්පාදා වා, භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති - ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති. උප්පාදා වා, භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති - ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති. උප්පාදා වා, භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. සබ්බෙ ධම්මා අනත්තා. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති - ‘සබ්බෙ ධම්මා අනත්තා’’’ති. චතුත්ථං.
137
“මහණෙනි, තථාගතයන් උපන් කල හෝ නුපන් කල හෝ සියලු සංස්කාරයෝ අනිත්‍යය යන ධර්‍මස්වභාවය, ධර්‍මනියාමය ඇත්තේමය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්‍මයෝ අනිත්‍යයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්‍ම ස්වභාවය, ධර්‍ම නියාමය ඇත්තේය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්‍මයෝ දුකයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ අනාත්මය යන මේ ධර්‍ම ස්වභාවය, ධර්‍ම නියාමය ඇත්තේමය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්‍මයෝ අනාත්මයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
5. කෙසකම්බලසුත්තං 5. කෙසකම්බලූපම සූත්‍රය
6. සම්පදාසුත්තං 6. තිසම්පදා සූත්‍රය
7. වුද්ධිසුත්තං 7. වුද්‍ධිත්තය සූත්‍රය
8. අස්සඛළුඞ්කසුත්තං 8. ඛලුඞ්ක සූත්‍රය
9. අස්සපරස්සසුත්තං 9. අස්සසදස්ස සූත්‍රය
10. අස්සාජානීයසුත්තං 10. භද්දාජානීය සූත්‍රය
11. පඨමමොරනිවාපසුත්තං 11. පඨමමොරනිවාපසුත්තං
12. දුතියමොරනිවාපසුත්තං 12. මොරනිවාප සූත්‍රය
13. තතියමොරනිවාපසුත්තං 13. තතියමොරනිවාපසුත්තං