ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
87
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච ඡන්නො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්ති. තෙන ඛො පන සමයෙන යෙන ආයස්මා ඡන්නො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො . අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාචුන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාචුන්දං එතදවොච - ‘‘ආයාමාවුසො චුන්ද, යෙනායස්මා ඡන්නො තෙනුපසඞ්කමිස්සාම ගිලානපුච්ඡකා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා මහාචුන්දො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි.
අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො යෙනායස්මා ඡන්නො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ඡන්නං එතදවොච - ‘‘කච්චි තෙ, ආවුසො ඡන්න, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ති?
‘‘න මෙ, ආවුසො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො. සෙය්‍යථාපි, ආවුසො, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන (ඛග්ගෙන (ක.)) මුද්ධනි (මුද්ධානං (සී. ස්‍යා. කං. පී.)) අභිමත්ථෙය්‍ය (අභිමන්ථෙය්‍ය (සී.)); එවමෙව ඛො, ආවුසො, අධිමත්තා වාතා මුද්ධනි (මුද්ධානං (සී. ස්‍යා. කං. පී.)) ඌහනන්ති (උපහනන්ති (සී. ස්‍යා. කං. පී. ක.), උහනන්ති (ක.)). න මෙ, ආවුසො, ඛමනීයං, න යාපනීයං...පෙ.... නො පටික්කමො. සෙය්‍යථාපි , ආවුසො, බලවා පුරිසො දළ්හෙන වරත්තක්ඛණ්ඩෙන සීසෙ සීසවෙඨං දදෙය්‍ය; එවමෙව ඛො, ආවුසො, අධිමත්තා සීසෙ සීසවෙදනා. න මෙ, ආවුසො, ඛමනීයං , න යාපනීයං...පෙ.... නො පටික්කමො. සෙය්‍යථාපි, ආවුසො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්‍ය; එවමෙව ඛො අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ, ආවුසො, ඛමනීයං, න යාපනීයං...පෙ.... නො පටික්කමො. සෙය්‍යථාපි, ආවුසො, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්‍යුං සම්පරිතාපෙය්‍යුං; එවමෙව ඛො, ආවුසො, අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ, ආවුසො, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො. සත්ථං, ආවුසො සාරිපුත්ත, ආහරිස්සාමි, නාවකඞ්ඛාමි (නාපි කඞ්ඛාමි (ක.)) ජීවිත’’න්ති.
‘‘මා ආයස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාම. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භොජනානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භොජනානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භෙසජ්ජානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භෙසජ්ජානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි පතිරූපා උපට්ඨාකා, අහං ආයස්මන්තං ඡන්නං උපට්ඨහිස්සාමි. මා ආයස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාමා’’ති.
‘‘න මෙ, ආවුසො සාරිපුත්ත, නත්ථි සප්පායානි භොජනානි; අත්ථි මෙ සප්පායානි භොජනානි. නපි මෙ නත්ථි සප්පායානි භෙසජ්ජානි; අත්ථි මෙ සප්පායානි භෙසජ්ජානි. නපි මෙ නත්ථි පතිරූපා උපට්ඨාකා; අත්ථි මෙ පතිරූපා උපට්ඨාකා. අපි ච මෙ, ආවුසො, සත්ථා පරිචිණ්ණො දීඝරත්තං මනාපෙනෙව, නො අමනාපෙන. එතඤ්හි, ආවුසො, සාවකස්ස පතිරූපං යං සත්ථාරං පරිචරෙය්‍ය මනාපෙනෙව, නො අමනාපෙන. ‘අනුපවජ්ජං (තං අනුපවජ්ජං (බහූසු)) ඡන්නො භික්ඛු සත්ථං ආහරිස්සතී’ති - එවමෙතං, ආවුසො සාරිපුත්ත, ධාරෙහී’’ති.
‘‘පුච්ඡෙය්‍යාම මයං ආයස්මන්තං ඡන්නං කඤ්චිදෙව (කිඤ්චිදෙව (ස්‍යා. කං. පී. ක.)) දෙසං, සචෙ ආයස්මා ඡන්නො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති. ‘‘පුච්ඡාවුසො සාරිපුත්ත, සුත්වා වෙදිස්සාමා’’ති.
‘‘චක්ඛුං, ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසි...පෙ.... ජිව්හං, ආවුසො ඡන්න, ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසි...පෙ.... මනං, ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘චක්ඛුං, ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි...පෙ.... ජිව්හං, ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි...පෙ.... මනං, ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමී’’ති.
‘‘චක්ඛුස්මිං, ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසි... ජිව්හාය, ආවුසො ඡන්න, ජිව්හාවිඤ්ඤාණෙ ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය ජිව්හං ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසි... මනස්මිං, ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘චක්ඛුස්මිං , ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි...පෙ.... ජිව්හාය, ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණෙ ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය ජිව්හං ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි...පෙ.... මනස්මිං, ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමී’’ති.
එවං වුත්තෙ, ආයස්මා මහාචුන්දො ආයස්මන්තං ඡන්නං එතදවොච - ‘‘තස්මාතිහ, ආවුසො ඡන්න, ඉදම්පි තස්ස භගවතො සාසනං නිච්චකප්පං සාධුකං මනසි කාතබ්බං - ‘නිස්සිතස්ස චලිතං, අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි හොති. පස්සද්ධියා සති නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’’ති.
අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මන්තං ඡන්නං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මා ඡන්නො අචිරපක්කන්තෙසු තෙසු ආයස්මන්තෙසු සත්ථං ආහරෙසි.
අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘ආයස්මතා, භන්තෙ, ඡන්නෙන සත්ථං ආහරිතං. තස්ස කා ගති කො අභිසම්පරායො’’ති? ‘‘නනු තෙ, සාරිපුත්ත, ඡන්නෙන භික්ඛුනා සම්මුඛායෙව අනුපවජ්ජතා බ්‍යාකතා’’ති ? ‘‘අත්ථි, භන්තෙ, පුබ්බවිජ්ජනං (පුබ්බවිචිරං (සී.), පුබ්බවිජ්ඣනං (පී.), පුබ්බජිරං (ම. නි. 3.394) නාම වජ්ජිගාමො. තත්ථායස්මතො ඡන්නස්ස මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානී’’ති. ‘‘හොන්ති හෙතෙ, සාරිපුත්ත, ඡන්නස්ස භික්ඛුනො මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානි. න ඛො පනාහං, සාරිපුත්ත , එත්තාවතා සඋපවජ්ජොති වදාමි. යො ඛො, සාරිපුත්ත, තඤ්ච කායං නික්ඛිපති, අඤ්ඤඤ්ච කායං උපාදියති, තමහං සඋපවජ්ජොති වදාමි. තං ඡන්නස්ස භික්ඛුනො නත්ථි. ‘අනුපවජ්ජං ඡන්නෙන භික්ඛුනා සත්ථං ආහරිත’න්ති - එවමෙතං, සාරිපුත්ත, ධාරෙහී’’ති. චතුත්ථං.
87
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුණේ දැඩි ගිලන් වූයේ වේ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්ට, ඇවැත් චුන්‍දය, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එහි අසනීප බැලීම සඳහා යමුයි, කීය. ඇවැත්නි එසේයයි, කියා ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පනවන ලද ආසනයෙහි ඉඳගත්හ. ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන්, ‘ඇවැත් ඡන්නය, කිමෙක්ද, ඔබට ඉවසිය හැක්කේද? කිම යැපිය හැක්කේද? කිම දුක් වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’ ඇසීය.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවෙන් හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ය.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්ලාගෙන ගිනි අඟුරු වලෙක්හි තවන්නාහුද, ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවීමක් නොපෙනේ. ආයුෂ්මත්වූ ශාරිපුත්‍රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.
“ආයුෂ්මත් ඡන්නතෙමේ ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්නතෙමේ ජීවත් වේවා අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න තෙමේ ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමුයි, කීය.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට සුදුසු වූ ආහාර නැත්තේ නොවේ. මට සුදුසුවූ ආහාර ඇත. මට සුදුසු වූ බෙහෙත් නැත්තේ නොවේ. මට සුදුසුවූ බෙහෙත්ද ඇත. මට සුදුසු වූ උපස්ථායකයෝ නැත්තාහුද නොවෙත්. මට සුදුසුවූ උපස්ථායකයෝද ඇත්තාහ. ඇවැත්නි, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් යහපත් කායකර්‍මාදියෙන්ම ඇසුරු කරන ලදී. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන ලදී. ඇවැත්නි, යහපත්වූ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේය. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන්නේය යන යමක් වේද, ඒ වනාහි ශ්‍රාවකයාහට සුදුසු වේ. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඡන්න භික්‍ෂුතෙම නැවත ප්‍රතිසන්‍ධියක් නැත්තාවූ ආයුධයකින් දිවි තොරකර ගැනීමක් කරන්නේය යන මේ කාරණය මෙසේ දරණු මැනවැයි, කීය.
“ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම් අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමු.
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, අසා දැනගන්නෙමියි,
“ඇවැත් ඡන්නය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?
“ඇවැත් ඡන්නය, කන, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?
“ඇවැත් ඡන්නය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?
“ඇවැත් ඡන්නය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?
“ඇවැත් ඡන්නය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?
“ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?,
“ඇවැත් ශාරීපුත්‍රය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රය, කන, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි. ඇවැත් ශාරීපුත්‍රය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ඡන්නය, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,
“ඇවැත් ඡන්නය, කනෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කන, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,
“ඇවැත් ඡන්නය, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,
“ඇවැත් ඡන්නය, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,
“ඇවැත් ඡන්නය, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,
“ඇවැත් ඡන්නය, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිදැයි ඇසූහ.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, කනෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන කන, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.
“ඇවැත් ශාරීපුත්‍රයෙනි, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි කීයේය. ඇවැත් ශාරීපුත්‍රයෙනි, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි, කීයේය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරතෙම ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය. ඇවැත් ඡන්නය, එසේනම් මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයද නිරන්තරයෙන් මනාකොට මෙනෙහි කටයුතුයි. තෘෂ්ණාදිය ඇසුරුකළහුට කම්පාවීම ඇත. ඇසුරු නොකළහුට කම්පාවීමක් නැත. කම්පා වීමක් නැතිකල්හි ඇලීම ඇතිනොවේ. ඇලීම නැති කල්හි ප්‍රතිසන්‍ධි වශයෙන් ඊමක් හෝ චුති වශයෙන් යාමක් හෝ නැත. ඊමක් හෝ යාමක් නැති කල්හි චුත වීමක් හෝ ඉපදීමක් හෝ නැත. චුතිය හා උත්පත්තිය නැති කල්හි මෙලොවද නැත පරලොවද නැත. දෙලොවම නැත. මෙයම දුක්ඛයාගේ කෙළවර වේය., යන අනුශාසනාවයි.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට ගියාහුය.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ඒ ආයුෂ්මතුන් වහන්සේලා බැහැර ගියාවූ නොබෝ කල්හි ආයුධයකින් බෙල්ල කපාගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
“ස්වාමිනි, ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් විසින් ආයුධයකින් දිවි තොර කරගන්නා ලදී. ඔහුගේ ගතිය කවරීද පරලොව කවරේද?,
“ශාරීපුත්‍රය, තොපට ඡන්න භික්‍ෂුව විසින් ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතිබව ප්‍රකාශ කරන ලද්දේ නොවේද? ස්වාමීනි, පුබ්බවිචිර නම් වජ්ජි ග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්යයි, කීය.
“ශාරීපුත්‍රය, ඡන්න භික්‍ෂූහුගේ මේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මැයි, ශාරීපුත්‍රය, මම මෙතෙකින් එළඹිය යුතුයයි නොකියමි. ශාරීපුත්‍රය, යමෙක් වනාහි මේ කය බහා තබාද, අනික් කයක් ගනීද, මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. එය ඡන්න භික්‍ෂූහුට නැත්තේය. ඡන්න භික්‍ෂුව විසින් නැවත ඉපදීමක් නැති ආයුධයකින් දිවි තොර කරගැනීම කරන ලද්දේයයි, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, වදාළ සේක.
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය