1. 9. 5.
පුණ්ණ සූත්රය
88. එකල්හි ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්රමාදව කෙලෙස් තවන වීර්ය්ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක්නම් මැනවැයි, යනුයි.
“පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
පුණ්ණය, කනෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි. “පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි. “පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි. “පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි. “පුණ්ණය, මනසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එය පතන්නාවූ, එය ප්රියයයි මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
“පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.
“පුණ්ණය, කනෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි. “පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි. “පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි. පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි. “පුණ්ණය, සිතින් දැනගතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවතින්නාවූ ඇළුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, සතුටු වචන නොකියාද, ගැලී නොසිටී ද, එය නොපතන්නාවූ, සතුටු වචන නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.
“පුණ්ණය, මා විසින් මේ සංක්ෂිප්තවූ අවවාදයෙන් අවවාද කරනලද්දාවූ නුඹ කවරනම් ජනපදයෙක්හි වාසය කරන්නෙහිද? “ස්වාමීනි, සුනාපරන්ත නම් ජනපදයෙක් ඇත්තේය. මම එහි වාසය කරන්නෙමි.,
“පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු නපුරුය. පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු කෲරය. පුණ්ණය, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, පුණ්ණය, එහි තොපට කුමක් වන්නේද?, “ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. මොව්හු යම් හෙයකින් මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි, කීය.
“පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?” - “ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය.