9. ඡන්න වර්ගය
1. 9. 1.
පලොක ධම්ම සූත්රය
84. සැවැත් නුවරදීය –
එසඳ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “ස්වාමීනි, ලෝකය ලෝකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?,”
“ආනන්දය, යමක් වනාහි බිඳෙන ස්වභාවය ඇත්තේද, මෙය ආර්ය්ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආනන්දය, කුමක් බිඳෙන ස්වභාව ඇත්තේද? “ආනන්දය, ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්දය, කන වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ශබ්දයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. සෝත විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්දය, නාසය වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ගන්ධයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ඝාණ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.
“ආනන්දය, දිව වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රසයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ජිව්හා විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්දය, කය බිඳෙන ස්වභාව ඇත්තේය. ස්පර්ශයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. කාය විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.
“ආනන්දය, සිත බිඳෙන ස්වභාව ඇත්තේය. ධර්මයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. මනෝ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්දය, යමක් වනාහි බිඳෙන ස්වභාව ඇත්තේද, හෙතෙම ආර්ය්ය විනයෙහි ලෝකයයි කියනු ලැබේය” යි (වදාළ සේක.)
1. 9. 2.
සුඤ්ඤලෝක සූත්රය
85. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ලෝකය සුන්යය, ලෝකය සුන්යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්යයයි කියනු ලැබේද?,” “ආනන්දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේද, එහෙයින් ලෝකය සුන්යයයි කියනු ලැබේ. ආනන්දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේද,
“ආනන්දය, ඇස වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. චක්ඛු විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. චක්ඛු සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, කන වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ශබ්දයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. සෝත විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. සෝත සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, නාසය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ගන්ධයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ඝාණ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ඝාණ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, දිව වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. රසයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ජිව්හා විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ජිව්හා සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, කය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ස්පර්ශයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. කාය විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. කාය සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ, ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, සිත වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. ධර්මයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. මනෝ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. මනෝ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේ. “ආනන්දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්යවේද, එහෙයින් ලෝකය සුන්යයයි කියනු ලැබේයයි වදාළ සේක.
1. 9. 3.
සංඛිත්තධම්ම සූත්රය
86. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව සමූහයාගෙන් වෙන්ව අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, එබඳු ධර්මයක් භාග්යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නේනම් මැනවැයි, කියායි.
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “රූපයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්යයහ. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමිනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “චක්ඛු විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “චක්ඛු සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්දය, කන නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ශබ්දයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්යයහ. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “සෝත විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. සෝත සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්දය, නාසය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ගන්ධයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්යයහ. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. ඝාණ විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ඝාණ සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.