19. සමථාධිකරණ වාරය
සමථ සමථවලින් සංසිඳෙයි ද, සමථ අධිකරණවලින් සංසිඳෙයි ද, අධිකරණ සමථවලින් සංසිඳෙයි ද, අධිකරණ අධිකරණවලින් සංසිඳෙයි ද යන්න:
සමහර විට සමථ සමථවලින් සංසිඳෙයි. සමහර විට සමථ සමථවලින් නොසංසිඳෙයි. සමහර විට සමථ අධිකරණවලින් සංසිඳෙයි. සමහර විට සමථ අධිකරණවලින් නොසංසිඳෙයි. සමහර විට අධිකරණ සමථවලින් සංසිඳෙයි. සමහර විට අධිකරණ සමථවලින් නොසංසිඳෙයි. සමහර විට අධිකරණ අධිකරණවලින් සංසිඳෙයි. සමහර විට අධිකරණ අධිකරණවලින් නොසංසිඳෙයි.
(1)
සමහර විට සමථ සමථවලින් සංසිඳෙන්නේ කෙසේ ද, සමහර විට සමථ සමථවලින් නොසංසිඳෙන්නේ කෙසේ ද යන්න:
යේභුය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. සතිවිනයෙන් නොසංසිඳෙයි. අමූළ්හවිනයෙන් නොසංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නොසංසිඳෙයි. තස්සපාපිය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. තිණවත්ථාරකයෙන් නොසංසිඳෙයි.
සතිවිනය සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. අමූළ්හවිනයෙන් නොසංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නොසංසිඳෙයි. තස්සපාපිය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. තිණවත්ථාරකයෙන් නොසංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් නොසංසිඳෙයි.
අමූළ්හවිනය සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නොසංසිඳෙයි. තස්සපාපිය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. තිණවත්ථාරකයෙන් නොසංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. සතිවිනයෙන් නොසංසිඳෙයි.
පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. තස්සපාපිය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. තිණවත්ථාරකයෙන් නොසංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. සතිවිනයෙන් නොසංසිඳෙයි. අමූළ්හවිනයෙන් නොසංසිඳෙයි.
තස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. තිණවත්ථාරකයෙන් නොසංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. සතිවිනයෙන් නොසංසිඳෙයි. අමූළ්හවිනයෙන් නොසංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නොසංසිඳෙයි.
තිණවත්ථාරකය සම්මුඛාවිනයෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් නොසංසිඳෙයි. සතිවිනයෙන් නොසංසිඳෙයි. අමූළ්හවිනයෙන් නොසංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නොසංසිඳෙයි. තස්සපාපිය්‍යසිකාවෙන් නොසංසිඳෙයි.
මෙසේ සමහර විට සමථ සමථවලින් සංසිඳෙයි. මෙසේ සමහර විට සමථ සමථවලින් නොසංසිඳෙයි.
(2)
සමහර විට සමථ අධිකරණවලින් සංසිඳෙන්නේ කෙසේ ද, සමහර විට සමථ අධිකරණවලින් නොසංසිඳෙන්නේ කෙසේ ද යන්න:
සම්මුඛාවිනය විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
යේභුය්‍යසිකාව විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
සතිවිනය විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
අමූළ්හවිනය විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
පටිඤ්ඤාතකරණය විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
තස්සපාපිය්‍යසිකාව විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
තිණවත්ථාරකය විවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. අනුවාදාධිකරණයෙන් නොසංසිඳෙයි. ආපත්තාධිකරණයෙන් නොසංසිඳෙයි. කිච්චාධිකරණයෙන් සංසිඳෙයි.
මෙසේ සමහර විට සමථ අධිකරණවලින් සංසිඳෙයි. මෙසේ සමහර විට සමථ අධිකරණවලින් නොසංසිඳෙයි.
(3)
සමහර විට අධිකරණ සමථවලින් සංසිඳෙන්නේ කෙසේ ද, සමහර විට අධිකරණ සමථවලින් නොසංසිඳෙන්නේ කෙසේ ද යන්න:
විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද සංසිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද නොසංසිඳෙයි.