18. සම්මති න සම්මතිවාරය
විවාදාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද, අනුවාදාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද, ආපත්තාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද, කිච්චාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද යන සමථ දෙකෙන් සංසිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ පහෙන් නොසංසිඳෙයි.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනෙන් නොසංසිඳෙයි.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් නොසංසිඳෙයි.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනය නම් වූ එක ම සමථයෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ හයෙන් නොසංසිඳෙයි.
5. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ පහෙන් සංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ දෙකෙන් නොසංසිඳෙයි.
6. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ තුනෙන් නොසංසිඳෙයි.
7. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද යන සමථ දෙකෙන් සංසිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ පහෙන් නොසංසිඳෙයි.
8. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ හයෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාව නම් වූ එක ම සමථයෙන් නොසංසිඳෙයි.
9. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනෙන් නොසංසිඳෙයි.
10. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳෙයි. යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් නොසංසිඳෙයි.
11. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ හතෙන් සංසිඳෙයි.
12. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද, සමථ කීයකින් නොසංසිඳෙයි ද යන්න: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ පහෙන් සංසිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ දෙකෙන් නොසංසිඳෙයි.