4. 6.
1. දැන දැනම භික්ෂූන් සිටින ආරාමයකට නොවිමසා ඇතුළු වන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පළමු පියවරෙන් ආරාමයේ වැට (පරික්ෂේපය) ඉක්මවයි නම් දුක්කට ඇවැත වේ. දෙවන පියවර ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත වේ.
2. භික්ෂුවකට බනින, අවමන් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: බනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. බැන්න විට පාචිත්තිය ඇවැත වේ.
3. සැර බව නිසා භික්ෂුණී පිරිසට අවමන් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: අවමන් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අවමන් කළ විට පාචිත්තිය ඇවැත වේ.
4. ආරාධනා ලැබ හෝ පවාරණය කර (තවත් ආහාර එපා යැයි ප්රතික්ෂේප කර) හෝ සිට කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
5. කුලයක් ගැන මසුරුකම් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: මසුරුකම් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. මසුරුකම් කළ විට පාචිත්තිය ඇවැත වේ.
6. භික්ෂූන් නැති ආවාසයක වස් වසන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වස් වසන්නෙමි” යි සෙනසුන් පණවයි නම්, බීමට ජලය හෝ පාවිච්චියට ජලය හෝ පිළියෙළ කරයි නම්, පිරිවෙන අතුගායි නම් දුක්කට ඇවැත වේ. අරුණ නැඟීමත් සමඟ පාචිත්තිය ඇවැත වේ.
7. වස් විසූ භික්ෂුණිය භික්ෂු, භික්ෂුණී යන දෙපක්ෂයේම සංඝයා ඉදිරියේ (දුටු දෙයින්, ඇසූ දෙයින්, සැක කළ දෙයින් යන) කරුණු තුනෙන් පවාරණය නොකරයි නම් එක් පාචිත්තිය ඇවැතකට පැමිණේ.
8. අවවාද ඇසීම සඳහා හෝ පොහොය, පවාරණය විචාරීම සඳහා හෝ නොයන භික්ෂුණිය එක් පාචිත්තිය ඇවැතකට පැමිණේ.
9. පොහොය දිනය ගැනද නොවිචාරන, අවවාදයද නොඉල්ලන භික්ෂුණිය එක් පාචිත්තිය ඇවැතකට පැමිණේ.
10. ශරීරයේ යටි කොටසේ හටගත් ගෙඩියක් හෝ තුවාලයක් හෝ භික්ෂුණී සංඝයාගෙන් හෝ භික්ෂුණී පිරිසෙන් හෝ නොවිමසා, තනිව පුරුෂයෙකු සමඟ සිට ඔහු ලවා බිඳවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: බිඳවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. බිඳවූ විට පාචිත්තිය ඇවැත වේ.
හයවන ආරාම වර්ගයයි.
4. 7.
1. ගැබිනි කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.
2. දරුවකුට කිරි පොවන කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.
3. අවුරුදු දෙකක් ධර්ම හයෙහි හික්මීම සම්පූර්ණ නොකළ සික්ඛමානාවක (උපසම්පදාවට පෙර හික්මෙන පැවිදි තැනැත්තියක) උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.
4. අවුරුදු දෙකක් ධර්ම හයෙහි හික්මීම සම්පූර්ණ කළ, නමුත් භික්ෂුණී සංඝයා විසින් අනුමත නොකළ සික්ඛමානාවක උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.
5. වයස අවුරුදු දොළහ සම්පූර්ණ නොවූ, විවාහ වී පුරුෂ සමාගමයට පැමිණි කාන්තාවක උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.
6. වයස අවුරුදු දොළහ සම්පූර්ණ වූ, නමුත් අවුරුදු දෙකක් ධර්ම හයෙහි හික්මීම සම්පූර්ණ නොකළ, විවාහ වී පුරුෂ සමාගමයට පැමිණි කාන්තාවක උපසම්පදා කරවන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උපසම්පදා කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උපසම්පදා කරවූ විට පාචිත්තිය ඇවැත වේ.