4. 5.
1. රජුගේ ක්‍රීඩා ගෘහයක් හෝ චිත්‍ර ශාලාවක් හෝ උපවනයක් හෝ ක්‍රීඩා උද්‍යානයක් හෝ ක්‍රීඩා පොකුණක් හෝ බලන්නට යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: යයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. යම් තැනක සිට බලයි නම් පාචිත්තිය ඇවැත වේ.
2. දිග හඟලා ඇති පුටුවක් හෝ පලඟක් හෝ පරිහරණය කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පරිහරණය කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. පරිහරණය කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.
3. නූල් කටින භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: නූල් කටියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කටින නූල් වටයක් වටයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
4. ගිහියන්ට සේවා කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: සේවා කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. සේවා කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.
5. භික්ෂුණියක් විසින් “එන්න ආර්යාවෙනි, මේ අධිකරණය (ආරවුල) සංසිඳුවන්න” යි කියනු ලැබූ කල්හි, “හොඳයි” යි පිළිගෙන, එය සංසිඳුවන්නේත් නැතිව, සංසිඳුවීමට උත්සාහ කරන්නේත් නැති භික්ෂුණිය එක් පාචිත්තිය ඇවැතකට පමණක් පැමිණේ.
6. ගිහියෙකුට හෝ පිරිවැජියෙකුට හෝ පිරිවැජියියකට හෝ තමන් අතින්ම කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ දෙන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: දෙයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. දුන් කල්හි පාචිත්තිය ඇවැත වේ.
7. ආවසථ සිවුරක් (ඔසප් කාලයේ පරිහරණය කළ සිවුරක්) අනුන්ට නොදී පරිහරණය කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පරිහරණය කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. පරිහරණය කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.
8. (දොර කවුළු සහිත) සෙනසුනක් (රැකීම පිණිස කිසිවෙකුට) භාර නොදී චාරිකාවේ යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පළමු පියවරෙන් වට වැට (පරික්ෂේපය) ඉක්මවයි නම් දුක්කට ඇවැත වේ. දෙවන පියවරෙන් ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත වේ.
9. තිරශ්චීන විද්‍යාව (නිවනට උපකාර නොවන ලෞකික ශිල්ප) ඉගෙන ගන්නා භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: ඉගෙන ගනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. පදයක් පදයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
10. තිරශ්චීන විද්‍යාව උගන්වන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: උගන්වයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. පදයක් පදයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
පස්වන චිත්‍රාගාර වර්ගයයි.
4. 6.
1. දැන දැනම භික්ෂූන් සිටින ආරාමයකට නොවිමසා ඇතුළු වන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පළමු පියවරෙන් ආරාමයේ වැට (පරික්ෂේපය) ඉක්මවයි නම් දුක්කට ඇවැත වේ. දෙවන පියවර ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත වේ.
2. භික්ෂුවකට බනින, අවමන් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: බනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. බැන්න විට පාචිත්තිය ඇවැත වේ.
3. සැර බව නිසා භික්ෂුණී පිරිසට අවමන් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: අවමන් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අවමන් කළ විට පාචිත්තිය ඇවැත වේ.
4. ආරාධනා ලැබ හෝ පවාරණය කර (තවත් ආහාර එපා යැයි ප්‍රතික්ෂේප කර) හෝ සිට කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
5. කුලයක් ගැන මසුරුකම් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: මසුරුකම් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. මසුරුකම් කළ විට පාචිත්තිය ඇවැත වේ.