4. 4.
1. එක ඇඳක නිදාගන්නා භික්ෂුණීන් දෙදෙනා ඇවැත් දෙකකට පැමිණෙති: නිදාගනිත් නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. නිදාගත් කල්හි පාචිත්තිය ඇවැත වේ.
2. එකම ඇතිරිල්ලක් හා එකම පොරෝනයක් ඇතිව නිදාගන්නා භික්ෂුණීන් දෙදෙනා ඇවැත් දෙකකට පැමිණෙති: නිදාගනිත් නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. නිදාගත් කල්හි පාචිත්තිය ඇවැත වේ.
3. දැන දැනම භික්ෂුණියකට අපහසුවක් කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: අපහසුවක් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අපහසුවක් කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට (තමා යටතේ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂුණියකට) තමාත් උපස්ථාන නොකරන, උපස්ථාන කරවීමටත් උත්සාහ නොකරන භික්ෂුණිය එක් පාචිත්තිය ඇවැතකට පමණක් පැමිණේ.
5. භික්ෂුණියකට වාසස්ථානයක් දී, කිපී නොසතුටු සිතින් ඇය එයින් පිටතට නෙරපන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: නෙරපයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. නෙරපූ කල්හි පාචිත්තිය ඇවැත වේ.
6. තුන් වරක් දක්වා සමනුභාසන කර්මය (අවවාද කර නවත්වන සංඝ කර්මය) කළ කල්හිත් එය අත් නොහරින, ගිහියන් සමඟ එක්ව හැසිරෙන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: ඤත්තියෙන් (යෝජනාවෙන්) දුක්කට ඇවැත වේ. කර්ම වාක්‍ය අවසානයේ පාචිත්තිය ඇවැත වේ.
7. සැක සහිත යැයි සම්මත වූ, බිය සහිත වූ, තමා වසන රට තුළ, සමඟ ගමන් කරන පිරිසක් නැතිව චාරිකාවේ යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: ගමන අරඹයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගමන ඇරඹූ කල්හි පාචිත්තිය ඇවැත වේ.
8. සැක සහිත යැයි සම්මත වූ, බිය සහිත වූ, අන් රටක, සමඟ ගමන් කරන පිරිසක් නැතිව චාරිකාවේ යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: ගමන අරඹයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගමන ඇරඹූ කල්හි පාචිත්තිය ඇවැත වේ.
9. වස් කාලය තුළ චාරිකාවේ යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: ගමන අරඹයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගමන ඇරඹූ කල්හි පාචිත්තිය ඇවැත වේ.
10. වස් වැස නිම කළ භික්ෂුණිය චාරිකාවේ නොයන්නී නම් එක් පාචිත්තිය ඇවැතකට පමණක් පැමිණේ.
සිව්වන තුවට්ට වර්ගයයි.
4. 5.
1. රජුගේ ක්‍රීඩා ගෘහයක් හෝ චිත්‍ර ශාලාවක් හෝ උපවනයක් හෝ ක්‍රීඩා උද්‍යානයක් හෝ ක්‍රීඩා පොකුණක් හෝ බලන්නට යන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: යයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. යම් තැනක සිට බලයි නම් පාචිත්තිය ඇවැත වේ.
2. දිග හඟලා ඇති පුටුවක් හෝ පලඟක් හෝ පරිහරණය කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: පරිහරණය කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. පරිහරණය කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.
3. නූල් කටින භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: නූල් කටියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කටින නූල් වටයක් වටයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
4. ගිහියන්ට සේවා කරන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: සේවා කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. සේවා කළ කල්හි පාචිත්තිය ඇවැත වේ.