4. 9.
1. කුඩ සහ පාවහන් දරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් කුඩ සහ පාවහන් දැරූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
2. යානයකින් යන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් යානයකින් ගියහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
3. ඉණ පළඳනාවක් දරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: එක්තරා භික්ෂුණියක අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: එක්තරා භික්ෂුණියක් ඉණ පළඳනාවක් දැරුවා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
4. කාන්තා ආභරණ පළඳින භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් කාන්තා ආභරණ පැළඳූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
5. සුවඳ සහ පාට ඇති නාන ද්‍රව්‍යයකින් නාන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් සුවඳ සහ පාට ඇති නාන ද්‍රව්‍යයකින් නෑහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
6. සුවඳ කැවූ තල පිටිවලින් නාන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් සුවඳ කැවූ තල පිටිවලින් නෑහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
7. භික්ෂුණියක ලවා ඇඟ ඉලවා ගන්නා, පිරිමදිවා ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් භික්ෂුණියක ලවා ඇඟ ඉලවා ගත්හ, පිරිමදිවා ගත්හ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
8. සික්ඛමානාවක ලවා ඇඟ ඉලවා ගන්නා, පිරිමදිවා ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් සික්ඛමානාවක ලවා ඇඟ ඉලවා ගත්හ, පිරිමදිවා ගත්හ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
9. සාමණේරියක ලවා ඇඟ ඉලවා ගන්නා, පිරිමදිවා ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් සාමණේරියක ලවා ඇඟ ඉලවා ගත්හ, පිරිමදිවා ගත්හ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
10. ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලවා ගන්නා, පිරිමදිවා ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලවා ගත්හ, පිරිමදිවා ගත්හ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
11. භික්ෂුවක් ඉදිරියේ ඔහුගෙන් නොවිචාරා ආසනයක හිඳ ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් භික්ෂුවක් ඉදිරියේ ඔහුගෙන් නොවිචාරා ආසනයක හිඳ ගත්හ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: කඨින සමුට්ඨානයෙන් ය. -පෙ-
12. අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න ඇසූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: පදසෝධම්ම සමුට්ඨානයෙන් ය. -පෙ-