විනීත වස්තු (විනිශ්චය කළ සිද්ධි).
උද්දාන ගාථා (සාරාංශ ගාථා):
සිහිනය, මලපහ කිරීම, මුත්‍රා කිරීම, (කාම) විතර්කය, උණු දියෙන් නෑම, බෙහෙත, කැසීම, මග යෑම, වත්ථිය (රහසඟේ අග සම), ජන්තාඝරය (ගිනිහල් ගෙය), කලවය,
සාමණේරයා, නිදාගත් සාමණේරයා, කලවයෙන් හා මිටින් පෙළීම, අහසෙහි (උකුල සෙලවීම), ශරීරය තද කිරීම, (ස්ත්‍රියකගේ රහසඟ) බලා සිටීම, (යතුරු) සිදුර, ලීයෙන් ගැටීම,
දිය පහරට එරෙහිව නෑම, මඩ දිය කෙළිය, (දියෙහි) දිවීම, පුෂ්පාවලී ක්‍රීඩාව, පියුම් විල, වැලි, මඩ, දියෙන් තෙමීම, ඇඳ, මාපට ඇඟිල්ල යන වස්තූහුය.
1. එසමයෙහි එක්තරා භික්ෂුවකට සිහිනයක් හේතුවෙන් ශුක්රය මිදුණේය. “මම සංඝාදිසේස ඇවැතට (විනය වරදට) පැමිණියෙම් දෝ හෝ”යි ඔහුට කුකුසක් (සැකයක්) ඇති විය. ඉක්බිති ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළේය. -පෙ- “මහණ, සිහිනයක් හේතුවෙන් (මිදීමෙහි) ඇවැත් නැතැ”යි වදාළ සේක. (1)
2. එසමයෙහි මලපහ කරන එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළේය. “මහණ, ඔබ කවර සිතකින් සිටියෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම මුදන අදහසින් නොසිටියෙමි.” “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැත.” (2)
3. එසමයෙහි මුත්‍රා කරන එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැතැ”යි වදාළ සේක. (3)
4. එසමයෙහි කාම විතර්ක (කාමය පිළිබඳ සිතුවිලි) සිතමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, විතර්ක කරන්නාට ඇවැත් නැතැ”යි වදාළ සේක. (4)
5. එසමයෙහි උණු දියෙන් නාමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, ඔබ කවර සිතකින් සිටියෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම මුදන අදහසින් නොසිටියෙමි.” “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැත.” (5)
6. එසමයෙහි මුදන අදහසින් උණු දියෙන් නාමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, ඔබ සංඝාදිසේස ඇවැතට පැමිණියෙහිය”යි වදාළ සේක. (6)
7. එසමයෙහි මුදන අදහසින් උණු දියෙන් නාමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය නොමිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, සංඝාදිසේස ඇවැත් නැත. ථුල්ලච්චය ඇවැත් වේ”යි වදාළ සේක. (7)
8. එසමයෙහි එක්තරා භික්ෂුවකගේ රහසඟෙහි වණයක් විය. බෙහෙත් ආලේප කරමින් සිටි ඔහුට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැතැ”යි වදාළ සේක. (8)
9. එසමයෙහි එක්තරා භික්ෂුවකගේ රහසඟෙහි වණයක් විය. මුදන අදහසින් බෙහෙත් ආලේප කරමින් සිටි ඔහුට ශුක්රය මිදුණේය -පෙ- ශුක්රය නොමිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, සංඝාදිසේස ඇවැත් නැත. ථුල්ලච්චය ඇවැත් වේ”යි වදාළ සේක. (9-10)
10. එසමයෙහි අණ්ඩය කසමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැතැ”යි වදාළ සේක. (11)
11. එසමයෙහි මුදන අදහසින් අණ්ඩය කසමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය -පෙ- ශුක්රය නොමිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, සංඝාදිසේස ඇවැත් නැත. ථුල්ලච්චය ඇවැත් වේ”යි වදාළ සේක. (12-13)
12. එසමයෙහි මග යමින් සිටි එක්තරා භික්ෂුවකට ශුක්රය මිදුණේය. ඔහුට කුකුසක් ඇති විය. -පෙ- “මහණ, මුදන අදහසක් නැත්තාට ඇවැත් නැතැ”යි වදාළ සේක. (14)