4. ඒසනා වර්ගය
9. 4. 1-40.
ඒසනාදී සූත්‍ර
3669-3708. “මහණෙනි, මේ සෙවීම් (ඒසනා) තුනකි. කවර තුනක් ද? කාම සෙවීම (කාමේසනා), භව සෙවීම (භවේසනා), බ්‍රහ්මචරිය සෙවීම (බ්‍රහ්මචරියේසනා) යන මොහුය. -පෙ- වැඩිය යුතුය.”
ඒසනා වර්ගය සිව්වැනි යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා තුන, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යනුයි.
5. ඕඝ වර්ගය
9. 5. 1-39.
ඕඝාදී සූත්‍ර
3709-3747. මහණෙනි, මේ ඕඝ (සැඩ පහර) සතරකි. කවර සතරක් ද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය ය. ...පෙ... වැඩිය යුතුය.
(විස්තර කළ යුතුය)
9. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
3748. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසක් ද? රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව ය. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස පහ කිරීම පිණිස සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක් ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම -පෙ- ප්‍රථම ධ්‍යානයට -පෙ- ද්විතීය ධ්‍යානයට -පෙ- තෘතීය ධ්‍යානයට -පෙ- චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස පහ කිරීම පිණිස මේ සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ.”
ඕඝ වර්ගය පස්වැනියි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යැයි (සූත්‍ර දහයකි).
ඣාන සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යැයි ඣාන සංයුත්තයේ වර්ග පසක් වෙත්.