6. 5. 40.
උද්ධම්භාගිය සූත්රය
2780. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනියි’ කියා ඒ භික්ෂූන් භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝය. මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහ කිරීම පිණිස පඤ්ච බලයන් වැඩිය යුතුයි. කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධාබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු විරිය බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සතිබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු සමාධි බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු පඤ්ඤා බලය වඩයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච බලයන් වැඩිය යුතුය.
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, උද්ධම්භාගිය යැයි (සූත්ර වේ).
6. පුනගංගාපෙය්යාල වර්ගය
6. 6. 1-36.
පාචීනනින්න ආදී සූත්ර
2781-2816. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය නැගෙනහිරට නැඹුරු වී ද... (මෙසේ නිවන් පිණිස යැයි විස්තර කටයුතුයි).
(රාග විනය පර්ය්යවසාන ආදි වශයෙන් ද අමතොගධ ආදි වශයෙන් ද නිබ්බානනින්න ආදි වශයෙන් ද එක් එක් තැන තුන තුන බැගින් කොට සූත්ර තිස් හයක් විස්තර කටයුතුයි.)
පුනගංගාපෙය්යාල වර්ගයයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැඹුරු සයක් ද, මුහුදට නැඹුරු සයක් දැයි මෙසේ මේ දොළොසක් වෙත්. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
7. පුනඅප්පමාද වර්ගය
6. 7. 1-30.
තථාගත ආදී සූත්ර
2817-2846. මහණෙනි, යම්තාක් සත්වයෝ වෙත් ද... (මෙසේ විස්තර කටයුතුයි).
(කියන ලද ක්රමයෙන් සූත්ර තිහක් විස්තර කටයුතුයි.)
පුනඅප්පමාදවග්ගො සත්තමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යැයි දසවන පදය වේ.
8. පුනබලකරණීය වර්ගය
6. 8. 1-36.
බල ආදී සූත්ර
2847-2882. මහණෙනි, යම්කිසි බලයෙන් කළයුතු කර්මාන්ත ඇද්ද... (මෙසේ විස්තර කටයුතුයි).
(සූත්ර තිස් හයක් විස්තර කටයුතුයි.)
පුනබලකරණීයවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යැයි (දොළසකි).
9. පුනඒසනා වර්ගය
6. 9. 1-120.
එසනා ආදී සූත්ර
2883-3002. මහණෙනි, මේ ඒෂණා තුනකි. කවර තුනක්ද යත්... (මෙසේ විස්තර කටයුතුයි).
(විවේක නිශ්රිත ආදි වශයෙන් ද අභිඥා ආදි වශයෙන් ද එක් එක් තැන දොළස දොළස බැගින් කොට සූත්ර එකසිය විස්සක් විස්තර කටයුතුයි.)
එසනාවග්ගො නවමො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යැයි (සූත්ර වේ).