6. බල සංයුත්තය
1. ගංගාපෙය්යාල වර්ගය
6. 1. 1-12.
පාචීනනින්න ආදී සූත්ර
2667-2678. සැවැත් නුවරදී:
මහණෙනි, බල පසක් වෙත්. කවර පසක්ද යත්, සද්ධාබලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය යනුයි. මහණෙනි, මොව්හු වනාහි පඤ්ච බලයෝයි. මහණෙනි, යම්සේ ගංගානදිය පෙරදිගට නැඹුරුද, පෙරදිගට නැමී පවතීද, පෙරදිගට හැරී පවතීද, මහණෙනි එපරිද්දෙන් පඤ්ච බලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, පඤ්ච බලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙමේ කෙසේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයිද? මේ ශාසනයෙහි මහණතෙම නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සද්ධාබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු විරිය බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සතිබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සමාධි බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු පඤ්ඤා බලය වඩයි. මහණෙනි මෙසේ වනාහි පඤ්චබලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙමේ නිවනට නැමුණේ නිවනට බරවූයේ වෙයි.
ගඞ්ගාපෙය්යාලවග්ගො පඨමො.
එහි උද්දානය:
නැගෙනහිරට නැඹුරු සයක් ද, මුහුදට නැඹුරු සයක් දැයි මෙසේ මේ දොළොසක් වෙත්. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
2. අප්පමාද වර්ගය
6. 2. 1-10.
තථාගත ආදී සූත්ර
2679-2688. මහණෙනි, පාද නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පා ඇත්තාවූ හෝ බොහෝ පාද ඇත්තාවූ හෝ යම්තාක් සත්වයෝ වෙත් ද... (මෙසේ විස්තර කටයුතුයි).
(විවේක නිශ්රිත ආදි වශයෙන් විස්තර කටයුතුයි.)
අප්පමාදවග්ගො දුතියො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යැයි දසවන පදය වේ.
3. බලකරණීය වර්ගය
6. 3. 1-12.
බල ආදී සූත්ර
2689-2700. මහණෙනි, යම්කිසි බලයෙන් කළයුතු කර්මාන්ත ඇද්ද... (මෙසේ විස්තර කටයුතුයි).
(කියන ලද ක්රමයෙන් විස්තර කටයුතුයි.)
බලකරණීයවග්ගො තතියො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යැයි (දොළසකි).
4. එසනා වර්ගය
6. 4. 1-40.
එසනා ආදී සූත්ර
2701-2740. මහණෙනි, මේ ඒෂණා තුනකි. කවර තුනක්ද යත්: කාම ඒෂණා, භව ඒෂණා, බ්රහ්මචරිය ඒෂණා ය... (මෙසේ විස්තර කටයුතුයි).
(විස්තර කටයුතුයි.)
එසනාවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යැයි (සූත්ර වේ).
5. ඕඝ වර්ගය
6. 5. 1-39.
ඕඝ ආදී සූත්ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක්ද: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි... (මෙසේ විස්තර කටයුතුයි).