2. 8. 37-42.
දුක්ඛෙ අනත්ත සූත්‍ර
699-704. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) දුකෙහි අනාත්මය යන හැඟීම යොදා විස්තර කළ යුතුයි.
2. 8. 43-48.
පහාන සූත්‍ර
705-710. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) කෙලෙස් දුරුකිරීමේ හැඟීම යොදා විස්තර කළ යුතුයි.
2. 8. 49-54.
විරාග සූත්‍ර
711-716. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) නොඇලීමේ හැඟීම යොදා විස්තර කළ යුතුයි.
2. 8. 55.
නිරෝධ සූත්‍රය
717. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තීවෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි.
2. 8. 56.
දෙවැනි නිරෝධ සූත්‍රය
718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන දෙකයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ... නිරෝධ සඤ්ඤාවෙන්... එක්තරා ඵලයක් කැමතිවිය යුතු ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සතිසම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පංචස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය.
2. 8. 57.
තුන්වැනි නිරෝධ සූත්‍රය
719. මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතීද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි.