8. නිරෝධ වර්ගය
2. 8. 1-6.
අසුභ සූත්‍ර
663-668. මහණෙනි, අසුභසඤ්ඤාව -පෙ- පවතියි.
2. 8. 7-12.
මරණ සූත්‍ර
669-674. මහණෙනි, මරණසඤ්ඤාව -පෙ- පවතියි.
2. 8. 13-18.
ආහාරෙ පටික්කූල සූත්‍ර
675-680. මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව -පෙ- පවතියි.
2. 8. 19-24.
සබ්බලොකෙ අනභිරත සූත්‍ර
681-686. මහණෙනි, සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව -පෙ- පවතියි.
2. 8. 25-30.
අනිච්ච සූත්‍ර
687-692. මහණෙනි, අනිත්‍ය සංඥාව -පෙ- පවතියි.
2. 8. 31-36.
අනිච්චෙ දුක්ඛ සූත්‍ර
693-698. මහණෙනි, අනිත්‍ය දෙයෙහි දුක යන සංඥාව -පෙ- පවතියි.
2. 8. 37-42.
දුක්ඛෙ අනත්ත සූත්‍ර
699-704. මහණෙනි, දුක් වූ දෙයෙහි අනාත්ම යන සංඥාව -පෙ- පවතියි.
2. 8. 43-48.
පහාන සූත්‍ර
705-710. මහණෙනි, ප්‍රහාණ සංඥාව (කෙලෙස් දුරු කිරීමේ සංඥාව) -පෙ- පවතියි.
2. 8. 49-54.
විරාග සූත්‍ර
711-716. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) නොඇලීමේ හැඟීම යොදා විස්තර කළ යුතුයි.
2. 8. 55.
නිරෝධ සූත්‍රය
717. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තීවෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි.
2. 8. 56.
දෙවැනි නිරෝධ සූත්‍රය
718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතරෙන් එක් ඵලයක් කැමති විය යුතුයි: මේ ආත්මභාවයෙහිදීම රහත් බව හෝ, උපාදාන ඉතිරිව ඇති කල්හි අනාගාමී බව හෝ ය. මහණෙනි, නිරෝධ සඤ්ඤාව කෙසේ වඩන ලද කල්හි, කෙසේ බහුල කරන ලද කල්හි මේ ආත්මභාවයෙහිදීම රහත් බව හෝ, උපාදාන ඉතිරිව ඇති කල්හි අනාගාමී බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, අත්හැරීම (නිවන) කරා නැමෙන ලෙස නිරෝධ සඤ්ඤාවෙන් යුක්ත වූ සති සම්බොජ්ඣංගය වඩයි ... නිරෝධ සඤ්ඤාවෙන් යුක්ත වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද්දා වූ මෙසේ බහුල කරන ලද්දා වූ නිරෝධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත් බව හෝ, උපාදාන ඉතිරිව ඇති කල්හි අනාගාමී බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතුය.
2. 8. 57.
තුන්වැනි නිරෝධ සූත්‍රය
719. මහණෙනි, වඩනා ලද්දා වූ බහුල කරන ලද්දා වූ නිරෝධ සඤ්ඤාව මහත් අර්ථය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් අර්ථය පිණිස පවතී ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, අත්හැරීම (නිවන) කරා නැමෙන ලෙස නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයි ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩනා ලද්දා වූ, මෙසේ බහුල කරන ලද්දා වූ නිරෝධ සඤ්ඤාව මහත් අර්ථය පිණිස පවතියි.