2. 8. 56.
දෙවැනි නිරෝධ සූත්රය
718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන දෙකයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ... නිරෝධ සඤ්ඤාවෙන්... එක්තරා ඵලයක් කැමතිවිය යුතු ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සතිසම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පංචස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය.
2. 8. 57.
තුන්වැනි නිරෝධ සූත්රය
719. මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතීද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි.
2. 8. 58.
සතරවැනි නිරෝධ සූත්රය
720. මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතීද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියි.
2. 8. 59.
පස්වැනි නිරෝධ සූත්රය
721. මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතීද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි.
2. 8. 60.
සයවැනි නිරෝධ සූත්රය
722. මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතීද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ... නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි.
නිරෝධ වර්ගය නිමි.
එහි උද්දානය:
අසුභ, මරණ, ආහාර පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග සහ නිරෝධ යයි දසයකි.