2. 7. 3.
තුන්වැනි අට්ඨික සූත්රය
605. මහණෙනි, වඩන ලද්දාවූ බහුලකරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතිත්. මහණෙනි, කෙසේ වඩනලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියිද: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ... අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි.
2. 7. 4.
සතරවැනි අට්ඨික සූත්රය
606. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය (සතරයෝගයන්ගෙන් මිදීම) පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියිද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ... අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියි.
2. 7. 5.
පස්වැනි අට්ඨික සූත්රය
607. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩනා ලද කෙසේ බහුල වශයෙන් කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියිද: මහණෙනි මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරුකළ... අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි.
2. 7. 6.
සයවැනි අට්ඨික සූත්රය
608. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියිද: මහණෙනි මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ... අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්ර
609-614. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යොදා විස්තර කළ යුතුය.)